ඔබ සැවොම Chemsex හි යෙදෙන පුද්ගලයින් සමඟ වැඩ කිරීම පිළිබඳ අපගේ සවිස්තරාත්මක e-පාඨමාලාව වෙත සාදරයෙන් පිළිගන්නවා. 

මෙම පාඨමාලාව chemsexහි ඉතිහාසය, එහි අරමුණු සහ මතුවිය හැකි අභියෝග පිළිබඳව ගැඹුරු දැනුමක් ලබා ගැනීමේ ප්‍රවේශයක් ලෙස ක්‍රියා කරනවා.

මෙම පාඨමාලාව අවසන් වන විට, chemsexහි යෙදෙන පුද්ගලයින්ට සහාය ලබා දීමට සහ ඔවුන්ව විනිශ්චය නොවන ආකාරයට සේවා සැපයීමට අවශ්‍ය කුසලතා සහ විශේෂිත දැනුමින් ඔබ සන්නද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

මෙම පාඨමාලාව මඟින් chemsex සහ එහි යෙදෙන පුද්ගලයන්ට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට කැමති ඕනෑම අයෙකුට, සහාය දැක්වීම වෙනුවෙන් දැනුවත්වීමක් ලබා දෙන පළමු ප්‍රවේශය වෙනවා.

මෙම පාඨමාලාව මඟින් ධනාත්මක සෞඛ්‍ය පුරුදු දිරිමත් කිරීම අරමුණු කර ගෙන ඇති අතර එමඟින් chemsexහි යෙදෙන පුද්ගලයින්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට Chemsex මඟින් ඇති කරන බලපෑම කෙරෙහි අවධානය යොමු කරනවා.

Chemsex හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ‘හානි අවම කිරීම’ යන සංකල්පය Chemsexවල යෙදෙන හෝ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් මුහුණ දෙන අවදානම් අවම කිරීම සඳහා ඔවුන්ව විනිශ්චය නොවන අධ්‍යාපනික තොරතුරු සැපයීමට උත්සාහ කරන සංකල්පයක්. එයින් Chemsex ප්‍රවර්ධනය කිරීමට හෝ මත්ද්‍රව්‍ය භාවිතය දිරිමත් කිරීමට කිසිදු ආකාරයකින් අදහස් නොකරනවා.

මෙම පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා ආරක්ෂිත ලිංගික ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න කායික, ලිංගික සහ මානසික ජීවන රටාවක් දිරිමත් කිරීම වුවත්, මෙහි අන්තරගතය යෞවන වියේ පසුවෙන අයට සහ වැඩිහිටි පුද්ගලයින්ට යනාදී ලෙස ඕනෑම ප්‍රජාවකට උචිත වන්නේ ශ්‍රී ලංකාව තුල මනා පරිපුර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා නොදෙන බැවිනි.


මෙම e-අධ්‍යනය මඟින් ආවරණය කෙරෙන මාතෘකා වන්නේ:




Chemsex යනු කුමක්ද?


මෙම පුහුණු පාඨමාලාව මඟින් ඔබට chemsexහි ඉතිහාසය, එය නිර්වචනය කළ හැකි ආකාරය සහ එම නිර්වචන විවිධ අවස්ථාවන් තුළ වෙනස් වන ආකාරය ගැන අධ්‍යනය කිරීමට පුළුවන්. Chemsexහි යෙදීම පිලිබඳ නිතර අසන ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු සොයා ගැනීමට ඔබට මෙමඟින් අවස්ථාව ලැබෙනවා.



ඇයි Chemsex? 


මෙම කොටස මඟින් chemsexහි යෙදීම නිසා මතුවෙන අවමන් සහගත සැලකීම් පිලිබඳ සාකච්ඡා කරනවා. පුද්ගලයින් chemsexහි යෙදෙන්නේ ඇයි යන්න සහ එසේ කිරීමට ඔවුන්ගේ හේතු කිහිපයක් ගැන ඉගෙන ගැනීමට ඔබට මෙමඟින් අවස්ථාව ලැබෙනවා.

Chemsexහි අනතුරුදායක බව 


මෙම පුහුණු පාඨමාලා කොටස ඔබට chemsexහි යෙදෙන පුද්ගලයින් විසින් පොදුවේ අත්දකින ගැටළු බෙදා වෙන් කිරීමට ඉඩ සලසනවා. Chemsexහි යෙදෙන පුද්ගලයින්ට සහාය වීම සඳහා හානි අවම කිරීමේ මැදිහත්වීම් සැලසුම් කිරීම ආරම්භ කිරීමට ඔබට මෙමඟින් අවස්ථාව ලැබෙනවා.


මෙමඟින් කිසිඳු විනිශ්චයකින් තොරව හෝ කිසිදු පූර්ව නිගමනයකින් තොරව chemsexහි යෙදෙන පුද්ගලයින් සමඟ එක්ව වැඩ කිරීමට සහන සේවා ක්ෂේත්‍ර නිලධාරීන් (Outreach Workers), ස්වෙච්ඡා සේවකයින් (Volunteers) හෝ සෞඛ්‍ය සේවා නිලධාරීන් (Health Sector Officers) දිරිමත් කරන අතර, chemsexහි යෙදීම අවදානම් හැසිරීමක් වන හෙයින් මෙම පුහුණු පාඨමාලාව එය කිසිසේත් දිරිමත් නොකිරීමක් බව කරුණාකර මතක තබා ගන්න. මෙම පුහුණු පාඨමාලාව chemsexහි යෙදෙන පුද්ගලයින්ට හානි අවම කිරීමේ සහ ආරක්‍ෂිත ලිංගික ක්‍රියාවන් පිලිබඳ සෞඛ්‍ය ක්‍රම ඉදිරිපත් කරනවා වුවත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ නීති ගැන කරුණාකර ඔබේ අවධානය යොමු කරන්න.


සම්පූර්ණ විෂය මාලාව බැලීමට මෙතැන ක්ලික් කරන්න




  පුහුණුකරුවන් සඳහා වූ මාර්ගෝපදේශය
Available in days
days after you enroll
  1. පිළිගැනීම සහ හැඳින්වීම
Available in days
days after you enroll
  2. Chemsex යනු කුමක්ද?
Available in days
days after you enroll
  3. Chemsex සඳහා යොමු වීම
Available in days
days after you enroll
  4. Chems සහ Sex
Available in days
days after you enroll
  5. Chemsex සහ Chems
Available in days
days after you enroll
  6. භාවිතා කරන ක්‍රම
Available in days
days after you enroll
  7. Chemsex ගැටලුකාරී වන අවස්ථා
Available in days
days after you enroll
  8. අවසාන ඇගයීම
Available in days
days after you enroll

ඔබට ගැලපෙන මිල ගණන් තෝරන්න